It

Sunday, August 2, 2015

“இன்னும் இரண்டு ஆண்டுகள் இருக்க நான் பண்டித வேலை செய்துகொண்டேனே!” - மகிந்தர்



-சுனந்த தேசப்பிரிய
தமிழில் - கலைமகன் பைரூஸ்

“நான் இன்னும் இரண்டு ஆண்டுகள் மீதமிருக்கையில் பண்டிதவேலை செய்துகொண்டேனே” என கவலை தோய்ந்த சிரிப்புடன் சொன்னவர் சில ஆண்டுகள் பேரரசராக செல்ஃபி (தன்னைத் தானே எடுத்துக்கொண்ட படம்) அணிந்து இருந்த முன்னாள் ஜனாதிபதி ராஜபக்ஷ.
தற்போது ராஜபக்ஷ தனது அரசியல் வாழ்க்கையில் இரண்டாவது முறையாக பண்டித வேலை செய்திருக்கிறார்.அதாவது கைநழுவிய ஜனாதிபதிப் பதவிக்குப் பதிலாக பிரதமராகவேனும் ஆக வேண்டும் எனும் அபிலாசையுடன் 2015 பொதுத் தேர்தலில் அபேட்சகராக களம் இறங்கியிருக்கின்றார். அவர் வாழ்வின் இறுதிப் பண்டித வேலையாக இது இருக்கும் என்பதுடன் அதன் மூலம் நாட்டுக்கும் நாட்டு மக்களுக்கும் நல்லதே நடந்திருக்கின்றது.
ராஜபக்ஷவை இத்தேர்தலுக்கு அழைத்து வந்தது ஸ்ரீலங்கா சுதந்திரக் கட்சி அல்ல. ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியின் வால்மீது ஏறி நாடாளுமன்றத்திற்குள் நுழைந்து கொள்ள எத்தனிக்கும் தோல்வியைச் சந்தித்த எட்டப்பர்களினாலேயே இவர் தேர்தலில் போட்டியிட அழைத்து வரப்பட்டார். அந்த எட்டப்பர்களில் உள்ள வீரவங்ச, தினேஷ், வாசுதேவ, திஸ்ஸ விதாரண, கம்மன்பில ஆகியோரில் எவரினாலும் தனித்துநின்று போட்டியிட்டு பாராளுமன்றத்தில் ஓர் ஆசனத்தைக்கூட வெற்றிகொள்ள முடியாது. ஜனவரி மாதம் 08 ஆம் திகதிக்குப் பின்னர் மைத்திரிபால சிறிசேன ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியின் தலைமைப் பதவிக்குத் தெரிவுசெய்யப்பட்ட பின்னர் தமக்கு போக வர இடமில்லாமற் போகும் என அச்சமுற்ற இந்தக் கும்பல் அவர்களைப் போலவே நாதியற்றுக் கிடந்த ராஜபக்ஷவை மீண்டும்  ஆட்சியில் அமர்த்துவதற்கான திட்டத்தில் இறங்கினர். ஒரு குலைக் காய்களை ஒன்றாகத் தோற்கடிக்க வேண்டும் என்று முடிவெடுப்பதில் பிரதமர் விக்கிரமசிங்கவும், ஜனாதிபதி மைத்திரியும் தோற்றுவிட்டனர். ராஜபக்ஷவின் ஆதரவுடன் ஊழல் குற்றச்சாட்டுக்களுடன் தொடர்புடையவர்கள் சிறையில் அடைக்கப்பட வேண்டியவர்கள் ராஜபக்ஷவின் அடிவருடிகளின் உதவியுடன் அரசியலில் வெற்றிகண்டனர். ராஜபக்ஷவின் இரண்டாவது (மற்றும் கடைசி) பண்டிதக் கதவு அவ்வாறுதான் திறந்து கொண்டது. 
அவர்களின் அனைத்து உபாயங்களையும் உள்வாங்கி, ராஜபக்ஷவாத அடிமைகளிடமிருந்து ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியை மீட்டெடுத்து, அதனை மீண்டும் சமூக ஜனநாயகத்தின்பால் கொண்டுசெல்வதற்கு ஜனாதிபதி சிரிசேனவினால் முடியவில்லை என்பதோடு முன்னாள் ஜனாதிபதி சந்திரிக்கா குமாரதுங்கினாலும் அதில் சரியானதொரு நடவடிக்கை எடுக்கவியலாமல் போயிற்று. கடைசியில் ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியின் வாலில் தொங்கிக் கொண்டிருந்த கும்பல் அதனது சுக்கானைத் திருப்பி ராஜபக்ஷவை பொதுத் தேர்தலின் பக்கம் சேர்த்துவிட்டனர்.

ஜனாதிபதி சிறிசேன மற்றும் பிரதமர் ரணில் விக்கிமசிங்கவின் வெற்றியை நிர்ணயித்த ஜனவரி மாத வெற்றி பின்தள்ளப்படுவதற்குக் பெரும்பான்மை ஸ்ரீலங்கா சுதந்திரக் கட்சி உறுப்பினர்கள் தான் காரணம் என்று சொல்லவியலாது. முன்சொன்ன கும்பலும் ராஜபக்ஷமாரின் தந்திரோபாயமுமே காரணமாகின. ஆகா! அவ்வாறு மகிந்த ராஜபக்ஷ இரண்டாவது பண்டித வேலையைச் செய்வதற்கு காலடி எடுத்து வைத்தார்.



(தொடரும்...)
ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද ජනවාරි විප්ලවය ආපස්සට හැරවීම බහුතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂාකයින්ගේ නොව ඉහත කී කල්ලියේ සහ රාජපක්ෂවරුන්ගේ කූටෝපාය විය. අහෝ! එළෙස මහින්ද රාජපක්ෂ දෙවන පණ්ඩිතකම කරා පා නැඟුවේ ය.
පළමු පණ්ඩිතකම කරා රාජපක්ෂ තල්ලු වී ගියේ  ඔහුගේම බල තන්හාවට බොරු කකුල් ඇටවූ රටම රවටන දෛවඥයින් සහ දූෂණයෙන් ඉව වහා ගිය කැසිනෝ සහ එතනෝල් යනාදී හොරු රංචුව නිසා ය. නොපෙනෙන අද්භුත බලවේගයන් කෙරෙහි විශ්වාසය තැබීම අඥානබාවයේ සහ හීන වූ ආත්ම විශ්වාසයේ ලක්ෂණයකි.  පළමු පණ්ඩිතකම මෝඩකමක් යැයි පෙන්වා දීමට රජතුමා හෙළුවෙන් යැයි කීමට ධෛර්‍ය සම්පන්න පුරෝහිතයකු රාජපක්ෂට සිටියේ නැත. අදත් නැත.
රාජපක්ෂගේ දෙවැනි පණ්ඩිතකම නිසා විශාලම පාඩුව සිදු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යි. පෙර කී පරිදිම එය දූෂිත සහ භීෂිත දේශපාලනඥයින්ගෙන් මුදා ගෙන යළි මැදි පිළිවෙතෙහි ගමන් කරන පක්ෂයක් බවට පත් කිරීමට තිබූ අවස්ථාව ඉන් වැළකී ගියේ ය. සමහර විට එක්සත් ජාතික පක්ෂයට සැබෑ තරඟයක් දිය හැකි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් පෙරමුණක් ගොඩ නඟා මහ මැතිවරණයට මුහුණ දීමට එයට තිබූ අවස්ථාව නැති විය. අද එයින් හමන්නේ එතනෝල් සහ කුඩු ගඳය.
රාජපක්ෂ ප්‍රථම පණ්ඩිතකම කළේ බල තන්හාව සහ දෛවඥයින්ගේ වඳුරු උපදෙස් නිසා නම් දෙවන පණ්ඩිතකම කළේ වලිග වහල්ලු සහ අංක ගණිතය මිස වීජ ගණිතය නොදන්නා නිසා ය.
රාජපක්ෂ වහලුන්ගේ තර්කය මෙසේ ය. ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ ලක්ෂ 58ක් ගත්තේ ය‍. සිරිසේනට ලැබුනේ ලක්ෂ 62කි. එම ලක්ෂ 62කට දෙමළ ජන්ද උතුරු නැගෙනහිර දෙමළ ජන්ද ලක්ෂ 06ක් අයත් ය. ජනතා විමුක්ති පෙරමුණේ ජන්ද ලක්ස 03ක් අයත් ය. එම ජන්ද මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුනට ලැබෙන්නේ නැත. එබැවින් ගෙඩිය පිටින්ම ජයග්‍රහණය රාජපක්ෂ ප්‍රමුඛ වහලුන්ට ය.
පසුගිය ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ දෙස විමසා බලන ඹ්නෑම අයකුට පෙනේනේ ඡන්ද දායකයාගේ හැසිරීම මෙවැනි අවස්ථාවන් දෙකෙක දී සහමුලින්ම වෙනස්වන බවයි. 2010 මහා මැතිවරණයේ දී රාජපක්ෂ හවුල ලබා ගත්තේ  2010 ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ ලබා ගත් ජන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද දශලක්ෂයක් අඩුවෙනි.  රාජපක්ෂ සහ එහි වහලුන් 2015 ජනාධිපතිවරණයේ දී යොදා ගත් රාජ්‍ය දේපල, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය බලය අද ඔවුන්ට නැත. අගමැති සහ ජනාධිපති යන දෙදෙනාම රාජපක්ෂ පරාජය කළ යුතු බවට ගිවිස ගෙන සිටිති. මේ සියල්ලටමත් වඩා රාජපක්ෂ පවුල සහ එහි වහලුන් කළ හොරකම් සහ මැරකම් අද ජනාධිපතිවරණ සමයේදීට වඩා සාධක සහිතවම මහා ජනයා හමුවෙහි තිබේ.
රාජපක්ෂගේ දෙවන  සහ අන්තිම පන්ඩිතකම විසින් රාජපක්ෂ විරෝධී කඳවුර ජනාධිපතිවරණයේ දී තිබුණාටත් වඩා සමගි සම්පන්න කර තිබේ. රාජපක්ෂ මහා මැතිවරණයට ඉදිරිපත් නොවූයේ නම් 2015 දී ජනාධිපති සිරිසේන වෙනුවෙන් ගොඩ නැගුණූ පෙරමුණ බිඳී විසිරී යන්නට හොඳටම ඉඩ තිබුණි. අද ජවිපෙ කරා ඇදී යන යම් යම් පිරිස් හැරුණ විට රාජපක්ෂ විරෝධී යහ පාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ වඩා බලවත් එකතුවක් බවට පත්ව තිබේ. ජනාධිපතිවරණයේදී හතලිහක් පමණ වූ සිවිල් සහ වෘත්තිය සංවිධාන එකතුව අද වන විට දෙගුණයකටත් වඩා වැඩි වී ඇත.
එපමණක් නොවේ. රාජපක්ෂ කඳවුර තුළම රාජපක්ෂ විරෝධී ප්‍රබල දේශපාලනඥයින් ගණනාවක් ම සිටිති. රාජපක්ෂ විරෝධී පස්වන බලකාය වනු ඇත්තේ එම පිරිස් ය. ‘සිය කඳවුර බෙදී නැතැයි’ රාජපක්ෂ පුන පුනා කීවද සෑම දිසාවකම ජනාධිපති සිරිසේනගේ දේශපාලන පිළිවෙතට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනඥයින්ට හූ කීමත් ඔවුන් පරාජය කිරීමට කටයුතු කිරීමත් රාජපක්ෂ වහලුන්ගේ උපාය වී තිබේ. දැන් රාජපක්ෂවරු කියන්නේ ‘ හෙළවෙන්නේ නැති අයට‍’ ඡන්දය දෙන්නැයි කියා ය. වෙනත් වචනයෙන් ඉන්  කියන්නේ ජනාධිපති සිරිසේනගේ දේශපාලනය පරාජය කරන එකය.
එනයින් රාජපක්ෂගේ දෙවන පන්ඩිතකම විසින් කර ඇත්තේ ඔහුගේ දූෂිත භීෂිත දේශපාලනයට විරුද්ධ බලවේග සමගි කොට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේද බින්න කිරීමය.  එය ඔහුගේ අවසාන පන්ඩිතකම වනු ඇත්තේ ඒ නිසා ය. පසුගිය මැතිවරණයන්හිදී අසන්නට ලැබුණේ එජාප සහ ජවිපෙ පාක්ෂිකයින් රාජපක්ෂ කරා ඇදී යන බවයි. මෙම මැතිවරණයේ දකින්නට ලැබෙන්නේ ඊට සහමුලින්ම වෙනස් ලෙස ශ්‍රීලනිප පාක්ෂිකයින් රාජපක්ෂ කඳවුර අතහැර යාමයි.
පළමු පන්ඩිතකම අනුව රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී  තමා ජයග්‍රහණය කළ හොත් කරනු ලබන වැඩ සටහනක් ඉදිරිපත් කළේ ය. දැන් ඉන් මාස හයකට පසු රාජපක්ෂගේ පොරොන්දු මල්ල ඊට හාත්පසින්ම වෙනස් ය. තමාගේ දස වසරක පාලන කාලය තුළ මෙරට මහා ජනයා අමතක කර සිය පවුල සංවර්ධනය කරගත් රාජපක්ෂ දැන් තමා අගමැති කරන ලෙස යදිමින් ගයන්නේ අලුත් සිංදුවකි. ඔහුගේ පාලන කාලය අසාර්ථක වූ බව රාජපක්ෂගේ ඡන්ද සටන් පාඨයෙන්ම පිළිගෙන තිබේ. ඉන් කියැවෙන්නේ ‘අලුතින්ම පටන් ගමු’ කියා ය‍.  ඒ වනාහී රාජපක්ෂගේ දෙවන සහ අන්තිම පන්ඩිතකම තුල පැටව් ගසා ඇති පුංවි පුංවි පන්ඩිතකම්වලින් එකක් පමණි.
රාජපක්ෂගේ මේ අන්තිම පන්ඩිතකම දැසින්ම බලා ගැනීමට අවශ්‍යනම් කළ යුත්තේ මේ දිනවල කුරුණෑගල දිසාව පැත්තේ ඇවිද බැලීම යි.  එතනෝල් ජාවාරම්කාර සහ තැබෑරුම්කාර රාජපක්ෂ වහලුන්ගේ කාර්යාලයන්හි මැස්සන් ඇහිරෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට යහ පාලන පෙරමුණට පැමිණි නාවින්නගේ කාර්යාලයෙහි මීමැසි පොදිමෙන් මහාජනයාගෙන් පිරී තිබේ. රාජපක්ෂ මැජික් එකක් කුරුණෑගල නැත. ඔහු අද තවත් එක් ඡන්ද අපේක්ෂකයෙක් පමණි.
තිත්ත නමුත් ඇත්ත පිළිගැනීමට රාජපක්ෂ සහ වහලුන්ට සිදුවූ විට ‘ අහෝ අප අන්තිම පන්ඩිතකමත් කළා නොවැ’යැයි කොඳුරන්නට වන දිනය එතරම් ඈත නොවේ.
-සුනන්ද දේශප්‍රිය
ලංකා ඊ නිවුස්

0 comments:

Post a Comment